Msin page

Monday, November 3, 2014

කඩදාසි ක්විලින් ඉගෙන ගන්න ආසද-(paper quilling tutorials) -01

-pinterest
තුනිවට කපපු පාට කඩදාසි තීරු රෝල් කරලා හදන ලස්සන නිර්මාණ කරන්න ආසද?
 බැලු විට බොහොම සියුම් විදියට පෙනුනත් මේවා හදන්න හරිම ලේසියි.
ලොකු වියදමක් යන්නෙත් නැහැ.

(mystickpeoniesblog)
කඩදාසි ක්විලින් වලට වෙනම කඩදාසි වර්ග ආම්පන්න මිලදී ගන්න තිබුනත්,ගෙදර දොරේ සාමාන්‍යෙයන් තියෙන දේවල් වලින් වුනත් මේ නිර්මාණ හදන්න පුළුවන්.

වුවමනා දේවල් මෙන්න.

1.A4 කඩදාසි
2.ලීයෙන් හැදු ටුත් පික් එකක්
3. අත්වැඩට ගන්නා සුදු පාට ගම්
4.අඩි කෝදුවක්
5.කුඩා කතුරක්
6.රවුම් සිදුරු හැදු ඝනකම කාඩ් බෝඩ් එකක්
7.පැන්සලක්


- ඕනෑම පොත් සාප්පුවකින් විවිධ පාටවලින් මේ කරදාසි ගන්න පුළුවන්

6 වෙනියට තියෙන කාඩ් බෝඩ් රාමුව ගෙදර තියෙන කිරි පිටි පැකට්,වෙනත් පෙට්ටි වල කාඩ් බෝඩ් වලින් ගෙදරදිම හදාගන්න පුළුවන් .
පින්තූරයේ පේන විදියට කාඩ් බෝඩ් කෑලි දෙකක එක සමානව ඉන්න රවුම් කපලා ඒ දෙක එකට අලවලා.ඒක තවත් කාඩ්බෝඩ් එකක අලවගන්න.
මේක පාවිචචි කරන්නේ රවුම් කළ කරදාසි අලවනකම් ලිහිලා යන්න නොදී රන්දව ගන්නයි.

ට්විසරයකින් පුංචි රවුම් කරදාසි පහසුවෙන් අල්ලන්න පුළුවන්.
ඒ වගේම මේ පින්තුරයේ තියෙනවා වගේ හීන්  තුඩ තියෙන ගම් බෝතලයක් පාවිච්චි කරාම ගම් අතේ ඇලිලා ආයෙත් කරදාසිවල ගැවිලා අපිරිසිදු වෙන එක වැළකෙනවා.
තව ...අඩි කෝදුව ලෝහ නම් කඩදාසි තීරුපිළිවෙලට හදාගන්න පහසුයි.

ඉතින් මේ පුංචි පුංචි බඩු ටිකත් එකතු කරන් ක්විලින් කරන්න ලෑස්තිවෙන්න.

ස්තුතියි.!

No comments:

Post a Comment