Msin page

Wednesday, November 12, 2014

කඩදාසි ක්විලින් වලට කඩද‍‍‍හි කපාගන්නේ ‍කො‍හොමද - how to cut paper strips for quilling ( paper quilling tutorials - 02)

 by -inna's blog










 පළමු පාඩ‍මේආකාරයට බඩු ටික ලෑස්ති කරගත්තා නම් දැන් පුළුවන් ක්විලින් පටන් ගන්න කඩදාසි තීරු කපාගන්න.


පාට පාට A4 කඩදාසි  ක්විලින් වලට ‍හොඳයි.

‍මේ කඩදාසි කපන්න ඕනි එකම පළලක් ති‍යෙන විදියට.එහා ‍මෙහා ‍වෙන්න බැහැ.
‍‍මේ පළල හරියටම මිලි මීටර තුනයි. (3 mm)
කඩදාසියක් අර‍ගෙන ඒ කඩදාසි‍යේ මිලි මිටර් තුන පළල හිටින්න සලකුණු කරලා එක සමාන තීරු කපාගන්න.
 පහත පින්තූර‍යේ ආකාරයට ලැල්ලක්/‍බෝඩ් එකක් මත අත්කම් පිහියකින් කඩදාසි කීපයක්ම එකවර කපාගන්න පුළුවන්.හැබැයි ‍මතක තියාගන්න කඩ‍තොලු ‍නොහිටින්න එකකැපුම් පාරකින් කඩදාසිය කපාගන්න ඕනා.

සාමාන්‍ය යෙන් වැඩිපුර නිර්මාණ වලට ‍යොදා ගැ‍නේ‍නේ අඟල් 4 ක් දිග කඩදාසි තීරු.
ඒ නිසා මිලි මිටර තුනක් දිගට කැපූ කඩදාසි තීරු වලින් වැඩි ප්‍රමාණයක් නැවත අඟල් 4 ක් දිග කැබලි වලට කපාගන්න.

ඊළඟ පාඩමින් අපි ක්විලින් මලක් හදමු.




2 comments:

  1. මගේ වෙන්න බාරිගෙ උපන්දිනේ හෙට එයාට දෙන්න මම ක්විලින් වලින් කාඩ් එකක් හදලා ඉවර කරේ ඊයෙ. එච්චරම ලස්සනට ආවෙ නෑ. ඒත් ඉතින් මමම හදපු එකක්නෙ. එය සතුටු වෙයි.

    ඒ කාඩ් එක හදද්දි මම ලබපු අත්දැකීම් වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම මම උපදෙසුත් බලාපොරොත්තු වෙනවා.

    1. කොළ මැන මැන ඉරි අදින එක හරිම අමාරුයි කියලා හිතුන නිසා මම කළේ වර්ඩ් වල ඉරි ඇඳලා ප්‍රින්ට් අවුට් එකක් ගත්තු එක. ඊටපස්සෙ කතුරෙන් කපාගත්තා. ඒත් ක්විලින් මහා පරිමාණයෙන් කරන අය කොළ කැපීමට යන්ත්‍ර පාවිච්චි කරනවාලු.

    2. කොළ රෝල් කිරිල්ල නම් මට මාරම අමාරු උනා. මගේ අත පය ලොකු හින්දා වෙන්න ඇති. ඉඳිකටුවක් අරන් බෝහොම අමාරුවෙන් කොළ රෝල් කළේ.

    3. මම ගත්තු ගම් එක උකු වැඩී වගේ ලේසියෙන් ගෑවුනේ නෑ වගේම අලවද්දි කොළය පොඩිවෙන ගතියකුත් තිබාබා.

    4. ක්විලින් ටූල් තියෙන බව ජාලෙ දැක්කා. පස්සෙ පොත් කඩ ගානෙ එව්වා හොයන්න ගියත් තිබ්බෙ නෑ. ඊ-බේ එකෙන් ගන්නත් කල් මදිනෙ.

    ලිපියට බොහෝම ස්තුතියි. අලුත්ම පැත්තක්නෙ. හැබැයි ලිපිය තව දිග උනානම් හොඳයි.

    ReplyDelete
  2. 1.ක්විලින් වලට කඩදාසි පටි කැපීමේ සම්මත මිනුම් තියෙනවා.සාමාන්යෙ න් පටියක පළල මිලි මිටර 3.
    මේ පළල ගන්න හේතුව ,මීට වඩා පළලට ගත්විට කඩදාසි පටි මෝස්තර ඇලවු විට නැමෙනවා.වගේම අපිළිවෙලයි.මීට වඩා වැඩි පළලවල් සංකීර්ණ මෝස්තර වලදි තමයි යොදා ගැනෙන්නේ.

    2 පින්තුරයේ පෙන්වලා තියෙන විදියට ක්‍රාෆ්ට් නයිෆ් එකකින් කැපීම තමයි ගෙදර දොරේ කාඩ් හදද්දි ලාභම හා පිළිවෙලම විදිය.

    2. කොළ රෝල් කරන්න ටුත් පික් එකක් ගන්න.
    3.තුනී ක්ලියර් ගම් වර්ගයක් පාවිච්චි කරන්න ගම් පින්සලකින් /ටුත් පික් එකකින් ගාන්න.
    4.ලංකාවේ ක්විලින් ටුල් මිලට ගන්න නැහැ.ඒ හැම ටුල් එකක්ම පහුසුවෙන් ගෙදර හදාගන්න පුළුවන්.ඉදිරියට එම ලිපි පළවේවි.

    පාඩම් කෙටිවට දාන්නේ.දිග ලිපි වලින් කරුණු ගොඩක් ලියන්න ගියොත් වැදගත් කරුණු කියවන අයට මග ඇරෙන නිසා.

    වෙන්න බිරියට සුභ උපන් දිනයක් වේවා !!

    ReplyDelete