මතක තියාගන්න ,මේ කඩදාසි තීරු කඩතොලු නොහිටින්න කපාගන්න.
කඩදාසි ක්විලින් ආම්පන්න (ටුල්) ලංකාවේ මිලදී ගැනීමට නැහැ.ඒ ගැන කරචර වෙන්න එපා.
න් ටුත් පික් එකක් ආධාරයෙන් කඩදාසි තීරුව රෝල් කරගන්න.
ටුත් පික් එකක් වෙනුවට පෙරන්ගා සියුම් කරගත්,ඉරටු කැබැල්ලක් ,මහත ඉදිකටුවක් වගේ එවැනි සියුම් දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.
අගල් 3 ක් විතර දිගට පෑන කැපූවිට අතට පහසුයි.
දැන් මේ ක්විලින් ටුල් එක ආධාරයෙන් කඩදාසි රෝල් කරගන්න.
රොල් කල කඩදාසි අලවනකං පළමු පාඩමේ ආකාරයට හදාගත් ක්විලින් බෝඩ් එක මත රවුම් දිග නොඇරෙන්න තියාගන්න.
මේ තද වෙන්න හදාගන්න රෝලට කියන්නේ “ටයිට් කොයිල්“ කියලයි.
දැන් පහත පින්තුරයේ විදියට “ටයිට් කොයිල්“ මල් සාදාගන්න.

කරකවන විදිහෙ වීඩියෝ එකක් දාන්න බැරිද?
ReplyDeleteකඩදාසි ටුල් ගොඩක් පුංචි නිසා පැහැදිලිව විඩියෝ එකක් ගන්න දැනට නම් පහසුකම් නැහැ.
Deleteඅතේ හුරුව තමයි ගොඩක්ම වැදගත්.කඩදාසි පටියේ කෙළවර ටුත් පික් එකට තදින් තියලා කඩදාසිය නැතිව ටුත් පික් එක කරකවලා රෝල හදාගන්න.
කුඩා පටිවලින් අපහසුනම් තරමක් පළල පටි රවුම් පෑන් බටයක (ටුත් පික් එක වෙනුවට) ඔතමින් දෑත හුරුකරගන්න.
කුඩා ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරනවානම් අත් පිරිසිදුව වියළිව තියාගැනීම ගැන කල්පනාකාරී වෙන්න.අතට දාඩිය එනවනම් පුයර වර්ගයක් පාවිච්චි කරන්න.
එකවර නිර්මාණයට වුවමනා සියලුම කඩදාසි රෝල් කරගන්න.
paper quilling කියන එකට සිංහලෙන් කියන නම මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද plz...
ReplyDelete