Msin page

Monday, December 15, 2014

Paper quilling sky -කඩදාසි ක්විලින් අහසක්



(sold out)


පසුගිය පාඩමේ අපි ක්විලින් හැඩතල සැදීම ගැන කථා කළා.
දැන් මේ හැඩතල වලින් නිර්මාණ කළ හැකියි.

මේ හැඩතල කිහිපයකින් නිර්මාණය කළ අහසක් යොදා නිමවු සුභ පැතුම් පතක්.





Tuesday, December 9, 2014

paper quilling shapes. කඩදාසි ක්විලින් හැඩතල

-by flicker

කඩදාසි ක්විලින් ‍රෝල් වලින් නිර්මණා කරන්න කලින් ඒ සඳහා දෑත් හුරුකරගැනීම තමා වැදගත්ම ‍දේ.

ඒ සදහා ‍මුලික ක්විලින් හැඩ
මේ වගු‍වේ ආකාරයට සකසාගන්න.

එය නිර්මාණ කිරී‍මේදි පසුව ඔබට වඩාත් පහසුවක් ‍ගෙන ‍දේවි.

Friday, November 21, 2014

ක්විලින් රෝලක් හදන හැටි -How to roll quilling strips (quilling lesson 3)



දෙවන පාඩමේ  අකාරයට කඩදාසි තීරු කපාගත්තානම් දැන් කඩදාසි රෝල් කිරීම පටන් ගමු.
  මතක තියාගන්න ,මේ කඩදාසි තීරු කඩතොලු නොහිටින්න කපාගන්න.

කඩදාසි ක්විලින් ආම්පන්න (ටුල්) ලංකාවේ මිලදී ගැනීමට නැහැ.ඒ ගැන කරචර වෙන්න එපා.
න් ටුත් පික් එකක් ආධාරයෙන් කඩදාසි තීරුව රෝල් කරගන්න.
ටුත් පික් එකක් වෙනුවට පෙරන්ගා සියුම් කරගත්,ඉරටු කැබැල්ලක් ,මහත ඉදිකටුවක් වගේ එවැනි සියුම් දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.

ඉදිකටුවේ සිහින්තුඩ පැත්ත ඉටිපන්දමකින් රත්කර පරන ප්ලාස්ටික් පෑනකට හයිකරගන්න .මෙහෙම හදාගත්තම අල්ලගන්න ලේසියි.රත්කරපු ඉටිපන්දමේ කෙළවර ප්ලාස්ටික් පෑනේ රවුම් පැතලි පිටුපසින් හිල්කරලා ඇතුලට බස්සන්න.එය නිවෙන්න දෙන්න .ඊට පස්සේ අතට පහසු දිගකින් පෑන කපා දාන්න.
අගල් 3 ක් විතර දිගට පෑන කැපූවිට අතට පහසුයි.

දැන් මේ ක්විලින් ටුල් එක ආධාරයෙන් කඩදාසි රෝල් කරගන්න.

රොල් කල කඩදාසි  අලවනකං පළමු පාඩමේ ආකාරයට හදාගත් ක්විලින් බෝඩ් එක මත රවුම් දිග නොඇරෙන්න තියාගන්න.


මේ තද වෙන්න හදාගන්න රෝලට කියන්නේ  “ටයිට් කොයිල්“ කියලයි.


දැන් පහත පින්තුර‍‍‍‍‍යේ විදියට “ටයිට් කොයිල්“ මල් සාදාගන්න.